April 27, 2024

මුද්‍රිත යෝජනා සිරුරේ අලවාගෙන යාපනයේ විරෝධතාවක් (PHOTOS)

උතුරු පළාත් සභා මන්ත්‍රී ජී.ටී. ලිංගනාදන් මහතා ඊයේ (25) විරෝධතාවයක නිරත වුණේ පළාත් සභාවට ඉදිරිපත් කර ක්‍රියාත්මක නොවූ යෝජනා මුද්‍රණය කර එවා තම සිරුරෙහි අලවා ගනිමින්.
 
යාපනය කයිතඩි හී පිහිටි පළාත් සභා සංකීර්ණයේ දී මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ ලිංගනාදන් මහතා පැවසුවේ පළාත් සභාව ආරම්භ වීමෙන් පසු සභාවාර 33 ක් පවත්වා ඇති අතර එම සැසිවාරවලට මන්ත්‍රීවරු යෝජනා 200 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති නමුත් ඒවායින් බහුතරය ක්‍රියාත්මක වී නොමැති බව යි.
 
අදාළ යෝජනා ක්‍රියාත්මක කරවීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, සභාපතිවරයා සහ පළාත් සභා අමාත්‍යවරුන් ක්‍රියාකළ යුතු බව ජී.ටී ලිංගනාදන් මහතා පවසා ඇත.

Rate this item
(0 votes)