May 03, 2024

දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධූරය ඉල්ලයි

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ජාතික ආණ්‌ඩුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතු වන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය තම පක්‍ෂයට ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලනිපය ආණ්‌ඩුවට එක්‌වූ විට විපක්‍ෂයේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාව සිටින පක්‍ෂය වන්නේ තම පක්ෂය බවත් එම නිසා මන්ත්‍රීවරු 16 කගෙන් යුත් දෙමළ ජාතික සන්ධානයට එම ධුරය ලැබිය යුතු බවත් ඔවුන් පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 August 2015 11:06