May 17, 2024

'ලේ' කතාවට ජනපති පිළිතුරු දෙයි

පිරිසක් අද ලේ ගැන කතාකිරීමට පටන් ගෙන ඇති බවත් කුමන භාෂාවක් කතා කළත් කුමන ආගමකට අයත් වුවත් සෑම මිනිසකුටම තිබෙන්නේ මිනිසෙක් විදිහට එකම ලේ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (25) අරලියගහ මන්දිරයේ පැවැති විරුසර වරප්‍රසාද කාඩ්පත එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී සටන්කාමී ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් ඇති ජාතියක් බවට ලියවී තිබෙන බව කී ජනාධිපතිවරයා රට වෙනුවෙන් කැපවිම් කළ රණ විරුවන් කිසිවකු අමතක නොකළ යුතු යැයි ප්‍රකාශ කළ අතර රටේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය ප්‍රතිපත්ති, සැලසුම් පිළිබඳව ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා කර තීරණ ගත් බව ද පැවසීය.

මෙම උත්සවයට ආරක්ෂක අංශ සාමාජිකයන් හා කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශයන්හි තරුණ පිරිස් ද සහභාගි වූ අතර රණවිරු පවුල් සහ යුද්ධයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර පළාත්වල දරු දැරියන්ට රුපියල් පනස් දහස බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද මෙහි දී සිදු කරන ලදී.

එමෙන්ම නාවික හමුදාව විසින් සකස් කරන ලද virusara.gov.lk වෙබ් අඩවිය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී එළි දක්වන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 28 January 2016 12:13