May 17, 2024

කුමාර් ගුණරත්නම් ගැන අනුර තොරතුරු දුන් හැටි ගෝඨා හෙළිකරයි (AUDIO)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධානියෙකු වන කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තමා ආරක්ෂක ලේකම් ධූරය දරන සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට තොරතුරු ලබා දුන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික පුවත් පතක් වෙත පවසා තිබේ.

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශාල තර්ජනයක් වූ බවත්, එම හේතුව නිසා කුමාර් ගුණරත්නම් මහතාව අත්අඩංගුවට පත්කරවා පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට දැඩි අවශ්‍යතාවක් තිබූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කොට ඇති අතර අනුර කුමාර මහතා විසින් නිරන්තරයෙන් තමන්ට කතා කොට ගුණරත්නම් මහතා යනෙන තැන් පිළිබඳව තොරතුරු ලබා දුන් බව ද සඳහන් කොට ඇත.

හඬපටය පහතින් ශ්‍රවණය කරන්න.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2015 15:01