May 17, 2024

“මෙවර මැතිවරණයට තරඟ කරන්නේ නැහැ කියලා මගේ නාමයෝජනාව ඉල්ලා අස්කර ගන්නවා“ - ඇමැති බන්දුල කියයි Featured

කොරෝනා වසංගතය මැද රුපියල් බිලියන 200ක් කාසි හා නෝට්ටු අච්චු ගැසූ බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිල ප්‍රකාශයක් සිදු කළහොත් තමා කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බවට මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා නාමයෝජනාව ඉල්ලා අස්කර ගන්නා බව උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය ආමත්‍ය සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

අමාතවරයා මේ බව පැවසූවේ ඒෂියන් මිරර් ‘සංවාදය‘ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

මේ වසරේ ජනවාරි මාසය වන විට මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 677ක් තිබූ බවත් ඉන් පසු කාසි හා නෝට්ටු අච්චු ගැසූවානම් මේවන විට මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 877ක් විය යුතු බවත් එය බිලියන 877ක් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් ප්‍රකාශ කලහොත් තමා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින්,

Last modified on Tuesday, 02 June 2020 10:31