May 03, 2024

අ.පො.ස උ.පෙළ, සා.පෙළ හා 5 ශිෂ්‍යත්ව සිසුන්ට පාසල් ඇරේ Featured

ජුනි මස 15 වැනිදා හෝ ඒ ආසන්නම දිනයක පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය සුදානම් වෙයි.

එහි මුල් පියවර ලෙස මෙවර හා ලබන වසරේ අ.පො.ස උ.පෙළ, අ.පො.ස සා.පෙළ විභාගවලට පෙනී සිටින 11,12 සහ 13 ශ්‍රේණිවල සිසුන් මෙන්ම 05 ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අ.පො.ස උ.පෙළ හා 5 ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන අගොස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අතර එම විභාග නියමිත දිනටම පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කිහිප වතාවක්ම ප්‍රකාශ කොට තිබේ.

Last modified on Monday, 01 June 2020 11:19