April 26, 2024

ජනපති ඉල්ලා අස්වෙන්න සූදානම්ද? ජනපති ප්‍රකාශක ඇත්ත කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසුවා.

රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් කටකතා පතුරවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සළකා බලන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමත් සමග කිංස්ලි රත්නායක මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 March 2022 15:34

Related items