මේ දිනවල සියලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ ගිහින්.
ඒ නිසා බිත්තර වලට තිබෙන්නේ හොඳ ඉල්ලුමක්.
බිත්තරේ වටිනාකම
එහෙත් බිත්තරද දිනෙන් දිනම ඉහළ යමින් රු. 25 ක මට්ටමේ දැනට පවතිනවා.
ඉදිරියේදී බිත්තරයද රු. 50 පමණ දක්වා යනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.
මේ බිත්තර කතාව කිව්වේ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන්.
අල්ලා ගත් ප්‍රහාරකයින්
එම බිත්තර ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ අද (30).
එහෙත් එහිදී එම බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූ අය විසින් අල්ලාගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා විශ්‍රාමික හමුදා සොල්දාදුවන්.
එහිදී බිත්තර ප්‍රහාරය එල්ල කිරීම සඳහා තමන්ව කවුරුන්දැයි හෙළිදරව් කොට තිබෙනවා.
කොන්ත්‍රාත්තුව භාර දුන් අය
බිත්තර ප්‍රහාරය සමුළුවට එල්ල කිරීමේ කොන්ත්‍රාත්තුව භාර දුන්නෙ නිස්සංක සේනාධිපති සහ අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් බව ඔවුන් දෙදෙනා හෙළිදරව් කොට ඇති බව වාර්තා වනවා.
අල්ලා ගත් දෙදෙනා කියා තිබෙන්නේ තමන් දෙදෙනා සේවය කරන්නෙත් නිස්සංක සේනාධිපති මහතාට අයත් ඇවන්ගාඩ් සමාගමේ බවයි.
බිත්තර ප්‍රහාරය එල්ල කිරීම සඳහා එක් අයෙකුට රු. 5000 ක මුදලක් ලබා දුන් බව ඔවුන් සඳහන් කර තිබෙන්නේ.
අල්ලා ගත් මේ දෙදෙනා නිට්ටඹුව පොලීසියට භාර දී තිබෙනවා.