April 26, 2024

අද කාලගුණය : වැස්ස නෑ.. ඒත් උදේට කාළගුණ වෙනසක්

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්වය තව දුරටත් පවතින බවත් තරමක සීතල කාලගුණ තත්ත්වයක් හිමිදිරි උදෑසන කාලයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

High-Resolution Asia 5

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන හෝ බටහිර දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Rate this item
(0 votes)