April 26, 2024

කඳුකර කොටි සහ හඳුන් දිවියන් නිසා බියෙන් දිවි ගෙවන පිරිසක් (PHOTOS)

කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් නිරත්තරයෙන් තම ගම්මානයට ගොදුරු සොයා පැමිණීම හේතුවෙන් තම ජීවිත අවදානමකට ලක්ව ඇති බව කොටගල කොමර්ෂල් සහ සමගිපුරම් ගම්මානවල පදිංචිකරුවන් පවසනවා.

කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් දිවා රාත්‍රි දෙකේම ගොදුරු සොයා නිරන්තරයෙන් තම ගම්මාන වලට පැමිණෙන බවයි ඔවුන් පවසන්නේ.

එම ගම්මාන දෙකේම පවුල් 500 ආසන්න පිරිසක් පදිංචිව සිටින අතර, එම ගම්මාන වලට ඉහලින් හැටන් කුඩාගම අක්කර 100 කින් පමණ සමන්විත ඉලුක් රක්ෂිතයක් පිහිටා ඇති බවත්, එම රක්ෂිතය තුල තිබෙන ගල් ගුහා සහ ගල් බෙන තුළ මෙම සතුන් වෙසෙන බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

නිවෙස්වල ඇති කරනු ලබන කුකුලන්, තාරාවන් සහ සුරතලයට ඇති කරන සුනඛයින් කඳුකර කොටියන්, හඳුන් දිවියන් විසින් ගොදුරු වශයෙන් රැගෙන යන බවයි ගම්වාසින් සඳහන් කළේ.

ඒ හේතුවෙන් රක්ෂිත තුළ සැරිසරන කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් අල්ලා වෙනත් රක්ෂිතයකට රැගෙන ගොස් මුදා හරින ලෙස හැටන් කොටගල කොමර්ෂල් සහ සමගිපුරම් ගම්මාන වැසියන් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)