April 26, 2024

ඇමති හා හිමි නමක් සටනක : මේ ඔක්කොම ලෙඩ ඇමතිගෙන් - හිමිනම : මම ඔය කටට බය නැහැ - ඇමති

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා හා භික්ෂූන් වහන්සේ නමක් අතර ඇතිවන බහින් බස් වීමක් වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතිනවා.

සූරියවැව පැවති රැස්වීමකදී පන්සලක ඉඩම් ප්‍රශ්නයක් මුල් කොටගෙන එම සිද්ධිය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

හිමිනමගේ ප්‍රශ්නය

පූජ්‍ය නැළවිල්ලේ ස්වර්ණජෝති හිමි වැඩ සිටින පන්සලේ ඉඩම සම්බන්ධයෙන් උන්වහන්සේ හා තවත් පාර්ශවයක් අයිතිය කීම හේතු කොටගෙනයි මේ ප්‍රශ්නය ඇතිවූයේ.

එහිදී තමන් හාමුදුරුවන්ගේ රටට බය නැති බවත් හාමුදුරුවන් කටයුතු කරන්නේ තණ්හාවෙන් බවටයි හාමුදුරුවන් අමතා අමාත්‍යවරයා සඳහන් කළේ.

හැකිනම් තමන්ට බණත් දේශනා කරන ලෙස අමාත්‍යවරයා උන්වහන්සේට අභියෝගයක්ද කළා.

මහණ වීමට හේතුව

ඊට පිළිතුරු දෙමින් හිමි නම සඳහන් කළේ තමන් වහන්සේ මහණ වුණේ තණ්හාව අතහැර බවයි.

ඒ අවස්ථාවේ එතැන සිටි පුද්ගලයකු යම් අදහස් දැක්වීමක් සමග උරණ වූ ස්වාමීන් වහන්සේ නම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු අතර සන්සුන්ව කටයුතු කරන ලෙස එහි සිටි පිරිස උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

තමන් වහන්සේව මේ තත්ත්වයට ඇදලා දැම්මේ ඇමතිවරයා බවට උන්වහන්සේ එහිදී චෝදනා කළේ ඊට හේතුද දක්වමින්.

පොලිසියේ මැදිහත් වීම

එහිදී තත්ත්වය වඩාත් උණුසුම් වූ අතර පොලීසිය මැදිහත් වීමෙන් උන් වහන්සේව ඉවතට ගෙන ගිය අතර අමාත්‍යවරයාද රැස්වීම අතරමග නතර කර එම ස්ථානයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණා.

මේ ප්‍රශ්නය විසඳුනේ නැති බවත් මේ සියලු ප්‍රශ්න ඇති කළේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා බවටත් චෝදනා කරමින් උන්වහන්සේ එම ස්ථානයෙන් පිටව ගියා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 14 January 2022 10:13