April 27, 2024

අද කාලගුණය : පළාත් කිහිපයකට විටින් විට වැසි

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ත්‍රිකුණාමලය සිට මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-35) පමණ වන බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 08:41