April 26, 2024

උදුවප් පුන් පෝය අදයි Featured

December 18, 2021

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සිරිමා බෝ සමිඳුන් වැඩමවීමත් මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙස උදුවප් පුර පසළොස්වක පෙහොය බෞද්ධ සැදැහැවතුන්ට වැදගත් වෙනවා.

බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි.

දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක ම ආගමික වතාවත් සංවිධානය කර අතර වසරේ අවසන් පොහෝ දිනය වන අද ශ්‍රී ලාංකේය බෞද්ධ සැදැහැවත්හු දාන, සීල, භාවනාදී පිං දහම්වල නිරත වෙමින් නව වසරේ උදාවට සූදානම් වෙනවා.

මේ අතර සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වෙනවා.

Rate this item
(27 votes)