April 28, 2024

බිනර පුන් පෝය අදයි

September 01, 2020

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි.

ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන්  දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි. ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි. 

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි. 

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්. 

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි. 

මෙලෙස වැදගත් බිනර පුන් පසලොස්වක පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව අද දවස පුරා වෙහෙර විහාරස්ථානවලදී ආගමික වතාවත්වල නිරත වෙයි.

Rate this item
(0 votes)