April 26, 2024

ආණ්ඩුවේ කඩවුණු පොරොන්දුව ඉටු කරන දිනය එලියට

November 28, 2021

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමන්ගේ 2වැනි පදවි ප්‍රාප්තියට පෙර රටට හඳුන්වා දෙන බවට ජනපතිවරයා පොරොන්දු වුණා.

ඒ ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කළ අවස්ථාවේ.

පොරොන්දුව කඩ වීම

ජනපතිවරයාගේ 2වැනි පදවි ප්‍රාප්තිය යෙදී තිබුණේ මේ මස 19 වැනි දිනට.

එහෙත් එදිනට පොරොන්දු වූ නව ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේ නැහැ.

එම පොරොන්දුව එළඹෙන මාර්තු මස අවසන් වීමට පෙර ඉටු කිරිමට රජය සූදානම් වන බවයි වාර්තා වන්නේ.

කෙටුම් පත ලඟදීම

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වූ සම්පාදක කමිටුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන්නක්.

මේ වසර අවසන් වීමට පෙර අදාළ කෙටුම් පත සකස් කොට අවසන් කිරීමට එම කමිටුව බලාපොරොත්තු වන බවයි දැනගන්නට තිබෙන්නේ.

එය එළඹෙන 2022 පෙබරවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ බලාපොරොත්තුව වනවා.

ඉන් පසු එය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව  සම්මත කර ගැනීම ආණ්ඩුවේ ඉලක්කය වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 12:05

Related items