April 26, 2024

"මහින්ද රාජපක්ෂව අද කොන් කරලා..වටේ ඉන්න සෙට් එක රජ සැප විදිනවා" - අගමැති සම්බන්ධීකාරක විශේෂ හෙළිදරව්වක

November 25, 2021

අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

එහිදී ඔහු ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග මෙන්ම නායකයින්ද විවේචනය කරමින් අදහස් පළ කර තිබුණා.

ඔහු පෙන්වා දී තිබුණේ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර ඇති බවයි.

දැන් අග්‍රාමාත්‍යවරයා සිටින්නේ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් පමණක් යැයිද ඔහු සඳහන් කරනවා.

මෑතකදී පැවති විරෝධතාවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරයට ජනතාව පහර දෙනු දුටු බවත් තමන් ඉන් බොහෝ කනගාටුවට පත්වූ බවත් ඒ මහතා සදහන් කළා.

ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකින් පොහොට්ටුව පරාජය වන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කරයි.

අගමැතිවරයාගේ වටේ සිටින පුද්ගලයින් තවම සුපුරුදු පරිදි වැඩ කරගෙන යන බවත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමනට ලොකු බාධාවක් වන බවත් හෙතෙම පෙන්වා දුන්නා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 November 2021 01:31