April 26, 2024

කොළඹ ගොඩනැගිල්ලක විශාල පිපිරීමක් (PHOTOS) Featured

November 20, 2021

කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදු වී තිබෙනවා.

ඒ පැරණි තුරග තරග පිටියේ පහළ ප්‍රේක්ෂකාගාරයේ, ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක් තුළයි.

අද (20) අළුයම 05.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හෝටල් පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවක් නිසා මෙම පිපිරීම සිදු වී ඇති බවටයි දැනට සැක කරන්නේ.

පිපිරීමෙන් අනතුරු ව ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලිසිය විසින් කටයුතු කරනු ලබන බව වාර්තා වෙනවා.

ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී තිබෙනවා.

කිසිදු පුද්ගල හානියක් සිදුවී නොමැති අතර පිපිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 November 2021 12:46