May 06, 2024

මීරිගම - කුරුණෑගල අධිවේග මාර්ගය ලබන සතියේ ජනතා අයිතියට

November 20, 2021

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විත වෙනවා.

එය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වන අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

පසුගිය 2017 වසරේදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි.

Rate this item
(0 votes)