April 26, 2024

විපක්ෂයේ මන්ත්‍රී ජනපති විවේචනය කරද්දි ආණ්ඩුව බකන් නිලා සිටී

November 20, 2021

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කලා.

එහිදී වත්මන් ජනපතිවරයා අපේක්ෂකයා කිරීමේ සිට මේ දක්වා වූ කරුණු රැසක් ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් විවේචනයන්ද කරමින්.

ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය

එහෙත් ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතාවයක් එල්ල නොවීම මෙන්ම ජනපතිවරයා වෙනුවෙන් පෙනී නොසිටීම විශේෂ කරුණක්.

තමා රටේ ජනතාවගෙන් වත්මන් පාලනය පිළිබඳ විමසූ විට "පිස්සෙක්නේ ඉන්නේ"යනුවෙන් ඔවුන් පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඉදිරියේදීද ජනපතිවරයෙක් පත් කරගත් විට ඔහුද මේ වගේ පිස්සෙක් වෙයිද දන්නෙ නැති බවට සහතික වන්නේ කෙසේදැයි යන්නත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

එහෙත් ඒ කිසිදු කරුණකට ආණ්ඩු පාර්ශවයෙන් ජනපතිවරයාගේ වරප්‍රසාද මුල්කර ගනිමින් විරෝධතා එල්ල වූයේ නැහැ.

මීට පෙර පාර්ලිමේන්තුව තුළ ජනපතිවරයෙක් විවේචනය කළ විට ඊට විරෝධය දක්වමින් එම කොටස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ජනපතිවරයා නියෝජනය කරන පාර්ශව ඉල්ලා සිටියා.

හැන්සාඩ් වාර්තාව

ජනපතිවරයා සම්බන්ධයෙන් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළ කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසටවත් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් ආවේ නැහැ.

වෙල්ගම මන්ත්‍රීවරයා තමන් නියෝජනය කරන විපක්ෂයද විවේචනය කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද සිටියේ වෙල්ගම මන්ත්‍රීවරයාට සහාය දක්වමින්.

තමා එදා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය නොදෙන ලෙසත් එය ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඊළඟට සිටින දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ප්‍රකාශ කළේ "මම එහෙම කිව්වේ නැද්ද , කියන්න සර්" යයි සභාවේ සිටි දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරමින්.

අද තිබෙන සියලු ප්‍රශ්න වලට හේතුව ජනපතිවරයාට දේශපාලන පළපුරුද්දක් නොමැතිකම බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 21:21