May 07, 2024

ගොවීන් ලක්ෂයකට වැඩි පිරිසකට හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නෑ Featured

November 20, 2021

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයට දායක වු ගොවීන් 125,828 දෙනෙකු සදහා වර්ෂ අටකට අදාලව හිඟ විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් මිලියන 3,745.9ක් ගෙවිමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වනවා.

මෙම යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 60 සම්පුර්ණ වු දින සිට සාමාජිකයින් හට විශ්‍රාම වැටුප් ගෙවිය යුතු වුවත්, විශ්‍රාම වැටුප් ගෙවිය යුතු දින සිට නොව විශ්‍රාම වැටුප සකස්කළ දින සිට ගෙවිම් සිදුකර තිබුණි.

එම කාල පරාසය තුල ගෙවියයුතු හිඟ විශ්‍රාම වැටුප් සදහාද ප්‍රතිපාදනය කර තිබුනද, 2012 වර්ෂයේ සිට 2020 දෙසැම්බර් මස 31 දක්වා වර්ෂ අටකට අදාල මෙම ගොවීන් සදහා ප්‍රතිපාදන හිඟ විශ්‍රාම වැටුප් වු රුපියල් මිලියන 3,745.9ක් ගෙවිමට කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

විශ්‍රාම වැටුප් ගෙවිම ඉහලයාම නිසා 2019 හා 2020 වර්ෂයන් සදහා පිළිවෙළින් රුපියල් මිලියන 3065ක් හා රුපියල් මිලියන 4450.9ක් භාණ්ඩාගාරය මගින් ලබා දි තිබුණි. භාණ්ඩාගාරයේ දායකත්වය නොමැතිව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පවත්වාගෙන යා නොහැකි තත්වයක පැවතුණු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

2019 හා 2020 වර්ෂවලදි ගොවීන්ගේ දායකත්වය පිළිවෙළින් රුපියල් මිලියන 21.5ක් හා රුපියල් මිලියන 19.3ක් වු අතර විශ්‍රාම වැටුප් ගෙවිම පිළිවෙළින් රුපියල් මිලියන 3217.3ක් හා රුපියල් මිලියන 4502.5ක් වි තිබුණි.

Rate this item
(0 votes)