May 10, 2024

මම හීලෑ වුණේ නැහැ: මාධ්‍ය වාර්තා බොරු - විමල්ගෙන් පිළිතුරු

ඉකුත් 7 වැනි දින පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් කළ ප්‍රකාශය විකෘති කර මාධ්‍ය වාර්තා කර ඇති බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින්.

කැබිනට්ටුව හමුවේ කළ ප්‍රකාශය

එහිදී ජනපතිවරයා හා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අදහස් දැක්වීමෙන් අනතුරුව වීරවංශ අමාත්‍යවරයාද අදහස් දක්වා තිබෙනවා.

සිය අදහස් දැක්වීමේදී ඉදිරියට ආණ්ඩුවත් සමග එකා මෙන් සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දෙමින් ඔහු කතා කළ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඉතා කෙටියෙන් කිව්වොත් කැරලිකාර අමාත්‍යවරයකු ලෙස මෙතෙක් හැසුරුණු වීරවංශ මහතා එම ප්‍රතිරූපයෙන් මිදී රාජපක්ෂවරු සමඟ සහ සහයෝගයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා තිබෙන බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මුහුණු පොත සටහන

එහෙත් වීරවංශ අමාත්‍යවරයා සිය මුහුණු පොතේ තබා ඇති සටහනින් මාධ්‍ය වාර්තා කළේ එම කරුණු වැරදි බවයි පෙන්වා දෙන්නේ.

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ "බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා" බව තමන් එහිදී සදහන් කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රටට වැදගත් තීන්දු ගන්නා කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනැවිත් සම්මත කරගැනීම වෙනුවට ඒ හැදෑරීමට ප්‍රමාණවත් කාලයක් අමාත්‍යවරුන්ට ලබා දිය යුතු බව තමන් සඳහන් කළ බවත් ඔහු සඳහන් කරනවා.

ජනපති සක්‍රීයව දේශපාලනයට

ජනපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ඉතා වැදගත් බව තමා එහිදී පෙන්වා දුන් බව සදහන් කරලා අමාත්‍යවරයා ඒ තුළින් බොහෝ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට හැකි බවද පෙන්වා දුන් බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මෙම තොරතුරු ඉදිරිපත් එහෙත් තමා සම්බන්ධයෙන් යන වැරදි ප්‍රචාරය නිවැරදි කිරීමට බවයි වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

ඉන් කැබිනට් මණ්ඩල සාමූහික වගකීමට හානියක් නොවුණු ඇති බව සිය විශ්වාසය බවත් අමාත්‍යවරයා සිය මුහුණු පොත සටහනේ සඳහන් කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 10 October 2021 14:02