May 19, 2024

නිරුපමා රටින් පැන්නාද - ස්වාමි පුරුෂයා නඩේෂන් ඊටත් කලින් පැන්නාද?

මේ වන විට මතභේදාත්මක චරිතයක් බවට පත්ව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය වූ නිරූපමා රාජපක්ෂ මහත්මිය රටින් පිටව ගොස් ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ ඉකුත් පළවෙනිදා.

ඩුබායි බලා පිටත් වීම

එදින උදෑසන නමයට රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බැව් වාර්තා වනවා.

ඒ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින්.

රාජපක්ෂ මහත්මිය විදේශගත වීමට පෙර ඇගේ ස්වාමි පුරුෂයා වන තිරු නඩේෂන් මහතාද රටින් පිටව ගොස් ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තොරතුරු හෙළිදරව් වීම

නිරූපමා රාජපක්ෂ මහත්මිය මෙසේ රටින් පිටව ගොස් තිබෙන්නේ ඇය හා ඇගේ ස්වාමිපුරුෂයාගේ අයථා වත්කම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කළ ඇන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට දින දෙකකට පෙරයි.

ඇන්ඩෝරා පත්‍රිකා එළි දැක්වුණේ ඉකුත් 3 වැනි දින.

නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන තිරු නඩේෂන් මහතා රහස් සමාගම් කිහිපයක් හරහා කළ ගනුදෙනු පිළිබඳව ඇන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබුණා.

2011 වන විට නඩේෂන් මහතාගේ එක් සමාගමක් සතුව පැවති වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 160ක් (අද වටිනාකම රු. මිලියන 32000ක් පමණ) බවයි ඇන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී තිබෙන්නේ.

නියෝජ්‍ය අමාත්‍යවරිය

මේ කාලය වන විට නිරූපමා රාජපක්ෂ මහත්මිය එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කලා.

"ඇන්ඩෝරා පත්‍රිකා" යනු ලෝකයේ විවිධ රටවල දේශපාලනඥයින්ගේ දූෂණ පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) විසින් හෙළිදරව් කළ තොරතුරු ඇතුලත් ලියවිල්ලකි.

ICIJ විසින් චෝදනාවන්ට ලක් වූවන්ට අදාල පැහැදිලි කිරීම් සඳහා ඉකුත් සැප්තැම්බර් 20 වෙනිදා දක්වා කල් ලබා දී තිබුණා.

නිරූපමා රාජපක්ෂ මහත්මිය පාලක රාජපක්ෂ පවුලේ ඉතා කිට්ටු ඥාතිවරියක වන අතර ඇගේ පියා වන ජෝර්ජ් රාජපක්ෂ මහතා හිටපු අමාත්‍යවරයෙකුද වනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 October 2021 21:21

Related items