April 26, 2024

විමල්, පාස්කු ඊබ්‍රහිම්ගේ තඹ කම්හලට අත තියයි

September 17, 2021

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ ඉබ්රාහිම් පවුලට අයත් තඹ කම්හල කැබිනට් පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට පැවරීමට විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍යවරයා සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ හරහා එම තඹ කම්හල මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තවලට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීම වීරවංශ අමාත්‍යවරයාගේ අරමුණයි.

වත්මන් තත්ත්වය

මේ තඹ කම්හල මේ වන විට රාජසන්තක කර තිබෙන්නේ.

පසුගිය මැයි මස 20 වෙනිදා රාජසන්තක කළ මෙම තඹ කම්හල දැන් තිබෙන්නේ රහස් පොලිසිය භාරයේ.

නිරීක්ෂණ චාරිකාව

වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල ඊයේ (16) අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එම තඹ කම්හලේ සියලු යන්ත්‍ර සූත්‍ර තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට හැකි ඒවා වන අතර එම යන්ත්‍ර සූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී ඉන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඉබ්රාහිම් පවුලේ ප්‍රධානියා විමල් වීරවංශ මහතා කලින් සිටි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ සිටි බවටත් මත පළවී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 September 2021 10:35