May 03, 2024

ඇමති අජිත් නිවාඩ් කබ්රාල් අවසන් තීන්දුව ගනී

September 13, 2021

වත්මන් ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ඒ බවට වන ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහු මහ බැංකු අධිපති ධූරයේ නැවත වරක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ හිස්වන මන්ත්‍රී ධූරයේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට හිමිවනු ඇති බවටයි පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 12:18