May 07, 2024

විමල් අලුත් වැඩකට බසියි - ගිවිසුමකුත් ගහයි

September 08, 2021

කලකට වතාවක් ආණ්ඩුව ඇතුළේ පෙරළියක් කරන විමල් වීරවංශ අමාත්‍යවරයා තවත් පෙරළියකට අත තබා තිබෙනවා.

ඒ පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් ලබාදීම සඳහායි.

ගිවිසුම් ගත වීම

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති බී.බී.සී ආයතනය එල්.එස්.පී. නැචුරල් ෆුඩ් නිෂ්පාදන පුද්ගලික සමාගම සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඊයේ (7) දිනයි මෙසේ ගිවිසුම්ගතව තිබෙන්නේ.

බී.සී.සී ආයතනයේ සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරි වසර 5 තුළ නවීන තාක්ෂණයෙන් යුත් පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිතව තිබෙන බවත් හෙළිදරව් වනවා.

අන්තර් කාලීන විසඳුම

එහෙත් මෑත කාලයේ රට තුළ පොල්තෙල් සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ බී.බී.සී ආයතනය එම සැලැස්ම ක්‍රියාත්මක කරන තුරු අන්තර් කාලීන ක්‍රියාමාර්ග වෙත අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා මෙසේ ගිවිසුම් ගත වූ බවයි වාර්තා වන්නේ.

ප්‍රමිති සහතික

එම ගිවිසුමට අනුව බී.බී.සී පොල් තෙල් නිෂ්පාදනයට අවශ්‍ය පොල් තෙල් තොග වසර 3ක කාලයකට ලබා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ අදාල සමාගම තෝරා ගත් බවයි කර්මාන්ත අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොල් සංවර්ධන අධිකාරිය පොල් තෙල් සඳහා නිකුත් කරනු ලබන තත්ත්ව සහතිකය මෙන්ම ප්‍රමිති ආයතනයේ එස්.එල්.එස් සහතිකය ඇතුළු ජාත්‍යන්තර සහතික යටතේ බී.බී.සී පොල් තෙල් වෙළෙඳ පොළට නිකුත් කිරීමයි අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 07 September 2021 22:59