May 13, 2024

බැසිල්ට තවත් එකක්

September 08, 2021

බැසිල් රාජපක්ෂ මහතා වර්තමාන රජයේ මුදල් අමාත්‍යවරයායි.

ඒ හැරුණුකොට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයාද වනවා.

බලකා දෙකක ප්‍රධානී

එපමණක් නොව ජනාධිපති කාර්ය සාධන බලකා දෙකක සභාපතිවරයාද වනවා.

මේ තනතුරු ගොන්නට තවත් තනතුරක් වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කොට තිබෙනවා.

අලුත්ම වගකීම

ඒ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයෙකු ලෙසයි.

ඒ අනුව මින් ඉදිරියට බැසිල් රාජපක්ෂ මහතාටද කථානායකවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම් වලටද සහභාගිවීමට අවස්ථාව ලැබෙනවා.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළිබඳව තීන්දු තීරණ ගන්නේ මේ පක්ෂ නායක කමිටුවෙන්.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 08 September 2021 06:57