May 13, 2024

අර්බුදය විසඳන්න විපක්ෂයත් එකතු වන්න: බැසිල්ගෙන් විවෘත ආරාධනයක්

September 07, 2021

රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට සියලු පාර්ශවවල සහය අවශ්‍ය බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මුළු ලෝකයම වෙලාගෙන තිබෙන කොවිඩ් අර්බුදය නිසා රටත් , ජනතාවත් , ආර්ථිකයත් දැඩි බලපෑමට ලක්ව තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා රටට විදේශ විනිමය අර්බූදයකට මෙන්ම දේශීයවත් මුදල් අර්බූදයකට මුහුණ දීමට සිදුව තිබෙන බව සදහන් කරනවා.

සියලු පාර්ශව වල සහය

ඒ සඳහා විසඳුම් සෙවීමේදී රජයට සියලු පාර්ශව වල මෙන්ම විපක්ෂයේත් සහයෝගය අවශ්‍ය බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

මෙවැනි අති අසීරු අවස්ථාවක මේ ප්‍රශ්නය තනියෙන් විසඳීමට හෝ ඉන් දේශපාලන වාසි ලබා ගැනීමටවත් විපක්ෂයට දොස් කීමටවත් සූදානම් නැති බවත් අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

අර්බුදයට හේතුව

මෙම අර්බුදයට හේතුව කොවිඩ් පමණක් නොව කාලයක පටන් ආර්ථිකය තුළ පැවති ප්‍රශ්න බවත් පෙන්වා දෙන අමාත්‍යවරයාව රටේ ආදායම ඉක්මවා වියදම ඉහළ ගොස් තිබෙන බව සදහන් කරන්නේ එය අද ඊයේ නොව වර්ෂ ගණනාවක සිටම වැඩි වූ බව පෙන්වා දෙමින්.

ඊට නාස්තිය හා දූෂණයද බලපෑ බව සඳහන් කරන කරන අමාත්‍යවරයා එයද කාලයක පටන් පැවත එන බවත් පෙන්වා දෙනවා.

ඒ වගේම රටට ලැබිය යුතු ආදායමද කොවිඩ් වසංගතය නිසා අහිමි වී තිබෙන බවත් එම ප්‍රමාණය මේ වර්ෂයේ පමණක් රු. බිලියන 1500ක් ඉක්මවා ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.

රාජ්‍ය ආදායම හා ණය

එසේ රාජ්‍ය ආදායම අහිමි වූ ක්ෂේත්‍ර පිළිබඳවද විග්‍රහයක් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කළා.

එසේම රටට ලබා ගන්නා ණය ගැනද අදහස් දැක්වූ අමාත්‍යවරයා එවන් අය ඉතා සරල , සහන කොන්දේසි හා පොලී අනුපාත මත ලබා ගන්නා බවත් ඊට කිසිදු දේශපාලන හෝ රටේ ස්වෛරීභාවයට හානි වන එකඟතා ඇතුළත්ව නැති බවයි හෙළිදරව් කරන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නව මුදල් අමාත්‍යවරයා ලෙස සිය පළමු කතාව කරමින් මෙන්ම මුදල් පිළිබඳ අණ පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 September 2021 12:26