May 14, 2024

"ඒවා ඉල්ලන්න එපා" - බැසිල් ඇමතිවරුන්ට කියයි

අමතර මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටීමෙන් වළකින ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

ඔහු සිහිපත් කර ඇත්තේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට පවා අඩු අවස්ථා අතීතයේ තිබූ බව යි.

මේ අතර මහ බැංකුවේ හා පෞද්ගලික බැංකුවල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යන බව බැසිල් රාජපක්ෂ මහතා එහි දී අනාවරණය කර තිබෙනවා.

“කළු කඩේ” ඩොලරයක මිල රුපියල් 235 ක් දක්වා ඉහළ ගියේ ඒ නිසා බවත් “කළු කඩේ” ඩොලරයක මිල මේවන විට රුපියල් දෙසිය පහළොවක් පමණ දක්වා අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දුන් බව සඳහන්.

එමෙන්ම සහල් මිල ද රුපියල් 20 කින් පමණ අඩු කිරීමට හැකියාව තිබිය දී ව්‍යාපාරිකයන් හතර දෙනකු සහල්වලින් අධික ලාභයක් ලබන බව ද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කොට තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 20 July 2021 08:52