May 17, 2024

ඇමති බැසිල්ගේ දින හතේ ප්‍රගතිය: පෙරමුණු තුනකින් ඉදිරියට

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී අදට (15) සතියක් ගෙවී අවසන් වුණා.

ගෙවුණු දින 7 තුළ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සැලසුම් පෙරමුණු තුනක් ඔස්සේ දියත් කර තිබෙනවා.

අමාත්‍යාංශයේ වගකීම

ඉන් පළමුවැන්න වන්නේ දරණ මුදල් අමාත්‍යාංශය හරහා රටේ මූල්‍ය ශක්තිය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමයි.

ඒ අනුව රටේ මූල්‍ය ශක්තිය මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාවය දෙන අමාත්‍යාංශ සමග සාකච්ඡා කිරීම මේ වන විටත් ආරම්භ කොටයි තිබෙන්නේ.

එහි මුල් පියවර ලෙස කර්මාන්ත අමාත්‍යංශ නිලධාරීන් සමඟ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඉදිරියේදී රටේ ආර්ථිකය හා මූල්‍ය ශක්තිය හා බැඳී අමාත්‍යාංශ සමග ද මේ ආකාරයේ සාකච්ඡා පැවැත්වීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සූදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

ජාත්‍යන්තරය ඇමතීම

දෙවැන්න ජාත්‍යන්තර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම වන අතර රටවල් හයක සහ යුරෝපා සංගම් තානාපතිවරයා සමඟද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ වන විටත් සාකච්ඡා පවත්වා අවසන්.

ඒ හරහා රටේ මූල්‍ය ශක්තිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ආයෝජන ලබා ගැනීම මෙන්ම ද්විපාර්ශික සබඳතා වැඩි දියුණු කර ගැනීමයි අමාත්‍යවරයාගේ ඉලක්කය වී තිබෙන්නේ.

සුළු ජාතික පක්ෂ යලි දිනා ගැනීම

තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතා වඩාත් ප්‍රිය කරන තමන් මුල්වී ගොඩනැඟූ පොදුජන පෙරමුණේ දේශපාලන ගමන වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගැනීමයි.

විශේෂයෙන්ම පොදුජන පෙරමුණෙන් දුරස්ථව සිටින සුළු ජාතික පක්ෂ යළි පොදුජන පෙරමුණ වටා ඒකරාශී කර ගැනීමට අවශ්‍ය සාකච්ඡා බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් හා උපදෙස් මත සිදු වෙමින් පවතින බවත් දැනගන්නට තිබෙනවා.

මුස්ලිම් ප්‍රජාව හා බැසිල් රාජපක්ෂ මහතා අතර බොහෝ කලක සිටම ඉතා කිට්ටු සබඳතාවයක් තිබෙන බව ප්‍රකට කරුණක්.

Rate this item
(3 votes)
Last modified on Thursday, 15 July 2021 21:37