May 18, 2024

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට අස්වෙන්න කියයි Featured

සිවිල් සංවිධාන සිදු කළ විරෝධතාවයේ දී සරත් වීරසේකර අමාත්‍යවරයා යටතේ ඇති පොලීසිය ක්‍රියා කළේ කුලී හමුදාවක් ලෙස බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ පූජ්‍ය පදම හිමි පවසනවා.

ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක දී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

රට වැසියන් ත්‍රස්තවාදීන් ලෙස සළකමින් පොලීසිය කටයුතු කළ ආකාරයක් දක්නට ලැබෙන බව යි පදම හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මෙවැනි දේ සිදුවන විට ජාත්‍යන්තරය ඉදිරියේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වීම වැලැක්විය නොහැකි බව ද උන්වහන්සේ සඳහන් කළා.

එමෙන්ම, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කාගේ ඕනෑ එපාකම ඉෂ්ඨ කරන්නේ ද යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්ණ කොට සිටියා.

උන්වහන්සේ වැඩිදුරටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙලෙස ප්‍රකාශ කළා.

“ඔබතුමා ඔතනට සුදුසු නෑ. ඔබතුමා බොහොම ගෞරවයෙන් ඔතනින් ඉල්ලා අස්වෙන්න”

Rate this item
(0 votes)
Last modified on Monday, 12 July 2021 04:24