April 24, 2024

අලුත් කොවිඩ් නීති එයි - හෙට සිට ක්‍රියාත්මකයි

November 30, 2021

කොරෝනා පාලනය සඳහා හෙට (01) සිට ලබන 15 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අද නිකුත් කරනු ලැබුවා.

මෙම නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙක් එකක පිරිසකට පමණයි.

කෙසේවෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බවද එහි සඳහන් වෙනවා.

මේ අතර එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 250ක්.

කොවිඩ්  පාලනය සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Rate this item
(0 votes)