May 02, 2024

ණය සහ ලීසිං සහන දෙන්නේ මෙහෙමයි! අලුත් ක්‍රමවේදයක් සකසයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ දී අද (16) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලා එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

මුල්‍ය ණය පහසුකම් ලබා ගත් ජනතාව කොවිඩ් වසංගත තත්වය හමුවේ මුහුණ දෙන ගැටලු කෙරෙහි ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා.

ණය මුදල ද ගෙවීයන ආකාරයේ ක්‍රමවේදයක්

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණයකරුවන් ණය මුදල ගෙවීමට නොහැකි තත්වයට පත්වන බවත්, පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත්බවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ මහබැංකු නියෝජිතයෝ කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව කරුණු පැහැදිලි කර තිබෙනවා.

මහ බැංකුවෙන් දැනුම්දීමක්

මේ අතර කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ පීඩාවට පත් පුද්ගලයින් හා ව්‍යාපාර විසින් ලබා ගෙන ඇති බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දීමක් සිදුකර තිබුණා.

ඒ අනුව 2021 මැයි 15 දිනට තිබෙන ක්‍රියාකාරී ණය අයකර ගැනීම් සඳහා 2021 අගෝස්තු 31 කාලපරිච්ඡේදය වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකිරීමට යෝජනා වී තිබුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් මෙම සහන ලබා ගැනීම සඳහා 2021 ජූනි 21 දිනට පෙර ඉල්ලුම් කරන ලෙසයි.

කෙසේ වෙතත් පසුව කෝවිඩ්-19 තෙවන ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වල (මින් ඉදිරියට බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, පහත සහනයන් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටිමින් 2021 අංක 06 දරන කෝවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම යන චක්‍රලේඛය නිකුත් කර තිබුණා.

එම චක්‍රලේඛය පහතින්,

Rate this item
(3 votes)