May 05, 2024

ණය සහනයට වෙන දේ - මහබැංකුවේ අලුත්ම තීරණය මෙන්න

September 22, 2021

මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදායින් ඉකුත්වීමට නියමිතව තිබූ එම කාලසීමාව ලබන වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් මුහුණදෙන අභියෝග සැලකිල්ලට ගෙන මෙලෙස ණය පමා සහන කාලය යළි දීර්ඝ කළ බවයි ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ.

මීට අදාළ නියෝග මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත පසුගිය සතියේ යවා තිබෙන බව වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 00:15