April 26, 2024

ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු මුහුණට මුහුණ ගැටෙයි!

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කථානායක ශ්‍රීමත් ලින්සි හොයිල් සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන අතර හමුවක් පසුගිය දා සිදුව තිබෙනවා.

වසර ගණනක සිට මෙරටත් එක්සත් රාජධානියත් අතර වූ සබඳතාව පිළිබඳ මෙන්ම වෙළඳ, සංචාරක, ජනතාව අතර සම්බන්ධතා, අධ්‍යාපනය සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන්ගේ සහයෝගය වැනි අංශ ඔස්සේ මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර දෙරටේ සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා ක්‍රිකට් තරගයක් පැවැත්වීමට මෙහි දී යෝජනා වී තිබෙනවා.

දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීමට යි එලෙස යෝජනා වී ඇත්තේ.

මේ සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු කථානායකවරයා එකඟතාවය පළකර ඇති බව බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 30 May 2021 07:17