April 26, 2024

ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ රනිල් වික්‍රමසිංහට - හර්ෂගෙනුත් අමුතු කතාවක්

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී චීනයට වරාය නගරයෙන් සින්නක්කරවම අක්කර 20ක් ලබාදීමට ගෙන තිබුණු තීරණය ආපස්සට හැරවීමේ සම්පූර්ණ ගෞරවය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබිය යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

එම තීරණය පසුගිය යහපාලන ආණ්ඩු සමයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත්තද ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කොට හිටපු ජනපතිවරයාව ඒ සඳහා පොළඹවා ගනු ලැබුවේද එවකට අග්‍රාමාත්‍යවරයා ව සිටී රනිල් වික්‍රමසිංහ මහතා බවද ආචාර්ය ද සිල්වා හෙළිදරව් කරයි.

යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ද හෙබ වූ ආචාර්ය හර්ෂ ද සිල්වා , රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ක්‍රියා කලාපය අගය කළද මේ වන විට ඔහු එජාපයෙන් කැඩී ගිය සමගි ජන බලවේගය නියෝජනය කිරීමද විශේෂත්වයකි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතය.

එම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පුරවැසියන් ඉදිරිපත් කළ පෙත්සම් පිලිබඳ තීන්දුව මේ වන විට කථානායකවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

Rate this item
(3 votes)
Last modified on Friday, 14 May 2021 15:20

Related items