April 27, 2024

(EXCLUSIVE) බැසිල් රට නැති කළ විමල් යළි කළ එළි බසී ද? ඇමති පිළිතුරු දෙයි

බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වීමත් සමඟ විමල් වීරවංශ අමාත්‍යවරයා යළි කළ එළි බසීද යන්න බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12 කින් සමන්විත විකල්ප කණ්ඩායමක් දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන රැස්වීම් වර්ජනය කිරීමේ පිළිවෙතක නිරතව සිටින ලදී.

විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ලේකම් ධුරය දරන ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායකයින්ගේ කිසිදු රැස්වීමකට විමල් වීරවංශ, උදය ගම්මන්පිල,වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ප්‍රමුඛ විකල්ප කණ්ඩායමේ නායකයින් සහභාගි වූයේ නැත.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීම් තුනක්ම මෙම කණ්ඩායම වර්ජනය කරන ලදී.

බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට සැලකිය යුතු කාලයක් සඳහා විදේශගතව සිටින බැවින් යළිත් එම රැස්වීම් සඳහා සහභාගි වන්නේ දැයි විකල්ප කණ්ඩායමේ පක්ෂ නායකයකු වන උදය ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ තම කණ්ඩායමට පුද්ගලයන් සමඟ ප්‍රශ්න නැති බවත් ප්‍රශ්නය තිබ්බේ පක්ෂ නායක රැස්වීම කියා සමුළුවක් පැවැත්වීමට සූදානම් වීම බවය.

එම ප්‍රශ්නය විසඳෙන ඕනෑම මොහොතක එම රැස්වීමට සහභාගි වීමට තම පාර්ශ්වය සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මීට කළ කලකට පෙර බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම එකිනෙකා විවේචනය කර ගැනීමේ වැඩපිළිවෙලකද නිරතව සිටින ලදී.

පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ 12 කණ්ඩායම විශේෂයෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා  බැසිල් රාජපක්ෂ මහතා  සහභාගී වන රැස්වීම් වර්ජනය කිරීම ආරම්භ කරනු ලැබුවේ මෙම සිදුවීමෙන් පසුවය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 11:54