April 26, 2024

බැසිල් රට ගිය හේතුව එළියට

අද (12) උදෑසන බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි බලා ගිය බව වාර්තා වුවත් ඔහුගේ ගමනාන්තය ඩුබායි හරහා ඇමරිකාව බව දැනගන්නට තිබේ.

රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙන්නේ වෛද්‍ය පර්යේෂණ කිහිපයකට පෙනී සිටීමට මෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට බවද වාර්තා වේ.

පසුගිය වසරේ සිටම බැසිල් රාජපක්ෂ මහතා මෙම ගමන මෙන්ම අදාල වැඩ කටයුතු සැලසුම් කොට තිබුනත් රට තුළ ඇතිවූ තත්ත්වයන් මත එය මග හැරී තිබුණි.

මෙම කටයුතු සඳහා ඇතැම් විට සති කිහිපයක් ගතවුණු ඇති බවද වාර්තා වේ.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනපති විශේෂ කාර්ය සාධන බලකායේ සභාපතිවරයා ලෙසද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට 70 වන වියද ඉක්මවා සිටී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 13:01