April 26, 2024

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය අහෝසියි

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද (07) පාර්ලිමේන්තුවේ දී නිවේදන පිළිබඳ දන්වමින් කතානායකවරයා මේබව ප්‍රකාශ කළේය.

නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බව කතානායකවරයා සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

Rate this item
(0 votes)