April 26, 2024

බීමත් රියදුරෙකු පාර මැද යකා නටයි - තමන්ගේම වාහනය ප්‍රපාතයකට පෙරළා දමයි (PHOTOS)

නුවරඑළිය වසන්ත උදානයට පැමිණි හොරණ ප්‍රදේශයේ පිරිසක්, ඊයේ (04) රාත්‍රී 11 ට පමණ නුවරඑළියේ සිට නැවතත් හොරණට යමින් සිටින අවස්ථාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදි ඔවුන් පැමිණ තිබූ මෝටර් රථය ප්‍රපාතයකට පෙරළා පලා ගොස් තිබේ.

මෙහිදී රියදුරා බීමත්ව සිට ඇති අතර ඔවුන් ප්‍රධාන මාර්ගය හරහා සිය වාහනය නතර කොට මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලට බාධා කරමින් සිටි ඇති බව අප හැටන් වාර්තාකරු පැවසීය.

මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් විසින් පාර හරස් කොටගෙන සිටි මොටර් රථයේ රියදුරා සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති කරගෙන තිබුණි.

පසුව බීමත්ව සිටි රියදුරා විසින් සිය මොටර් රථය අසළ තිබූ ප්‍රපාතයට පෙරලා දමා පලා ගිය බව ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

බීමත් රියදුරු සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණි තවත් පුද්ගලයින් තිදෙනෙකුද සිට තිබෙන අතර වාහනය ප්‍රපාතයට පෙරළීමෙන් අනතුරුව ඔවුන් ද පලා ගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරක් සිදු කර එ‍ය වාර්තා නොකර පලා ගිය බීමත්ව සිටි රියදුරා සොයා මේ වන විටත් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

හැටන් - රංජිත් රාජපක්ෂ 

Rate this item
(0 votes)