May 15, 2024

රැස්වීමකට ගිය ඇමැති විමල්ට හූ සංග්‍රහයක්! "මං කැමැත්තෙන්ම අපායට යනවා" ඇමැති විමල් දැඩි මතයක (VIDEO)

ඛනිජ වැලි නිධියක් සම්බන්ධයෙන් මාතර කිරින්දේ පැවැති රැස්වීමකට සහභාගී වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මෙලෙස ජනතාව විරෝධය දක්වා ඇත්තේ කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් ඛනිජ සම්පත් ලබාගැනීමේ ව්‍යාපෘතියක් රජය යටතේ ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ යෝජනාවක් හේතුවෙනි.

තිස්සමහාරම, කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් අඩංගු වැලි විශේෂ රජයට ලබාගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ හමුවක් කිරින්ද ප්‍රජා ශාලාවේදී අද (27) පැවැති අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

එම ඛනිජ වැලි නිධියේ කැනීම් කටයුතු සිදුකිරිමට මේ වන විටත් ඉන්දියානු සමාගමක් ඉදිරිපත්වී ඇති බව සඳහන් කල එහි සේවකයින් තමන්ට එම සමාගම සමග ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යෑමට අවසර ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලා සිටි අතර විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ කිරින්දේ පිහිටි ඛනිජ නිධිය රජයේ ආයතනය සමග වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු බවයි.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයත් සමඟ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

මෙහිදී අමාත්‍යවරයා පිටව යද්දී ජනතාව හූ තබමින් දැඩි විරෝධය පළ කරනු දැකගන්නට ලැබිණ.

එමෙන්ම ජනතාව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වර්ණනා කරමින් අදහස් දක්වනුද දැකගත හැකි විය.

Rate this item
(0 votes)