April 26, 2024

"මම වැරැද්දක් කළා නම් කරබාගෙන ඉන්න එපැයි" - නිල ප්‍රකාශයට පෙර සංගාගෙන් ප්‍රකාශයක්

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ඉදිරියේදී නිල ප්‍රකාශයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙකු වන හිටපු සුපිරි ක්‍රිකට් පිතිකරු කුමාර් සංගක්කාර මහතා ජාතික පුවත්පතකට පවසා ඇත.

කුමාර් සංගක්කාර මහතා මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල තුළ පළ කර තිබූ සටහනක් පිළිබඳව ඔහුගෙන් සිදු කළ විමසුමකදී ඔහු මෙම අදහස් පළ කිරීම සිදු කර ඇත.

"මම සිද්ධිය පිළිබඳව තනි තනි පුද්ගලයන්ට ප්‍රකාශ කරන්න ගියාම ගැටළුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මා ඉතාමත් ඉක්මණට මෙම සිද්ධිය ගැන නිල නිවේදනයක් නිකුත් කරනවා.

ඉඩම් කොමසාරිස්තුමාට මෙම සිද්ධිය ජනවාරි මාසේ පැමිණිලි කළේ මම. ඉඩම් කොමසාරිස්තුමා නිකුත් කරලා තිබුන ලිපියෙන් එය පැහැදිලි වෙනවා. එතුමාගෙන් විමසුවොත් දැනගන්න පුළුවන් පැමිණිල්ල කළේ කවුද කියලා. 

මම වැරැද්දක් කළා නම් කරබාගෙන ඉන්න එපැයි. පරීක්ෂණයක් ආරම්භ කලේ මගේ පැමිණිල්ල නිසයි. මම සද්ද නැතිව හිටියා නම් ඔඅක් කවුරුත් දන්නේ නෑ. එහෙම වුනා නම් මෙය රහසක් විදියට අවුරුදු ගානක් තියෙයි.

මම හිතන්නේ ජනවාරි මස මෙම සිද්ධිය පිළිබඳව මම පැමිණිල්ල කළ විගස පරීක්ෂණයක් ආරම්භ කළා. මම දන්න විදියට පරීක්ෂණය අවසන් කරලා තියෙන්නේ.

මම පැමිණිලි කල ලිපිලේඛන සහ තවත් ලේඛන මා සතුව තිබෙනවා. මාධ්‍යවල පළ කිරීමට පෙර මගෙන් විමසුවා නම් සත්‍ය තත්වය පැහැදිලි කරන්න තිබුණා." යැයිද සංගක්කාර මහතා පැවසිය. 

Rate this item
(0 votes)

Related items