April 27, 2024

තිස්සගෙනුත් 2025 ව්‍යාපාරය නමින් වැඩපිළිවෙළක්

February 28, 2021

තිස්ස අත්තනායක මහතාද "2025 ව්‍යාපාරය" නමින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටී.

තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ අවධියේ ඔහුගේ මූලිකත්වයෙන් නිර්මාණය කළ ඡන්දපොළ 12500 වැඩසටහන සමගි ජන බලවේගය තුළ 2025 ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂයේ අනුමැතිය ඉල්ලා තිබේ.

තිස්ස අත්තනායක මහතා එජාප මහලේකම් ලෙස සිටියදී නිර්මාණය කළ ඡන්දපොල 12500 වැඩසටහන 2015 අගෝස්තු මහ මැතිවරණයේදී අත්තනායක මහතා ඒ වන විට පක්ෂය තුළ නොසිටියද එම යාන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට හේතුවිය.

Rate this item
(7 votes)

Related items