April 26, 2024

විමල් සටන අත්නොහරී! ජනපතිට ඉදිරියට යන්න නායකත්ව තනතුරක්

February 25, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතු බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවේ පක්ෂ නම් කිහිපයක නායකයන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර නාරාහේන්පිට අභයාරාමයේදී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ජනාධිපතිවරයා දේශපාලන තන්ත්‍රය හා නිවැරදි ලෙස මුසු වන්නේ එවිට බවත් රාජ්‍ය නායකයා දේශපාලන තන්ත්‍රයේ ද නායකයෙක් ලෙස ඉදිරියට යා හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් බලසම්පන්න කළ යුතු බවට මහා සංඝරත්නයේද මතය බවද අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(0 votes)