May 11, 2024

තව්හිද් ජමාත් තවත් ප‍්‍රබලයන් පිරිසක් එළියේ - TIDයෙන් පුළුල් මෙහෙයුමක් (VIDEO)

February 23, 2021

මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා ප‍්‍රතිඥා ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකාවක බව කියන ඊබ‍්‍රාහීම් ෂාහිඩා නමැති තරුණියගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු මත එම සංවිධානයේ තවත් ප‍්‍රබල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ත‍්‍රස්ත විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඊබ‍්‍රාහිම් ෂාහිඩා නැමැති තරුණිය රඳවා තබා ගැනීමේ නියෝගය මත රඳවාගෙන ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය ඇයගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය පිළිබඳව මෙන්ම එහි තවත් ක‍්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව අද ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

ඊබ‍්‍රාහිම් ෂාහිඩා නමැති තරුණියගෙන් ප‍්‍රශ්න කිරීමේදී තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට නායකත්වය ලබාදෙන නියෝග මත මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා තමා ඇතුළු මුස්ලිම් කාන්තාවන් පහළොස් දෙනෙකු දිවුරුම් ලබා දී තිබූ බවට කරනු ලැබු හෙලිදරව්ව මහත් ආන්දෝලනයට ලක් විය.

එම ප්‍රවෘත්තිය පිළිබඳ පළ වූ "බුද්ධික වික්‍රමාදර සමඟ පත්තරමේන්තුව" වැඩසටහනේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 11:23