May 08, 2024

විමල්ගේ අමාත්‍යාංශ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට Featured

February 22, 2021

ඇමැති විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය පිහිටි භුමි භාගය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම භූමිය අක්කරයකින් සහ පර්චස් හතක වපසරියකින් යුක්ත වන අතර එහි වටිනාකම රුපියල් දෙබිලියන තුන්සිය විසිඅට මිලියනයක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ 400 කට ආසන්න කාර්ය මණ්ඩලය, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශයද මෙම පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.

මෙම භූමිය හා ගොඩනැගිල්ලේ වාණිජමය වටිනාකම සැලකිල්ලට ගනිමින් ආර්ථිකමය වැදගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට ලබාදීමට විෂය භාර ඇමැති විමල් වීරවංශ මහතාද තීරණය කර තිබේ.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට නව ගොඩනැගිල්ලක් සහ වාහන 75 ක් පමණ ගාල් කිරීමට හැකි භූමියක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟතාව පළකර ඇත. ඊට ගෘහ භාණ්ඩ හා අනෙකුත් පහසුකම්ද ලබාදිය යුතුය. මීට අදාළ ඇමැති මණ්ඩල සංදේශය ඇමැති විමල් වීරවංශ මහතාම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Rate this item
(1 Vote)