May 19, 2024

ඇමැති විමල් වැඩ පෙන්වයි! නියෝජිතයෙකුට බැන වදී - රජයේ ලොකු තැනකට නියෝගයක් දෙයි

February 16, 2021

රජය දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබාදීමේ අරමුණින් ආනයනය නවතා ඇති පසුබිමක මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බව දැනගත් වහාම තමන් ඒවා රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කර්මාන්ත අමාත්‍යංශයේ කැදවීමට අනුව එම ආයතනය නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයාට අමාත්‍යවරයා තදින් දෝෂාරෝපණය කර ඇති අතර එම ආයතනයට සහ එම ආනයනය සිදු කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

දේශීය ව්‍යවසායකයා රැකීමට තමන් හැකි හැම අවස්ථාවේදීම මැදිහත් වන බවත් මෙවන් වංචනිකයන් රැකීම වෙනුවෙන් කිසි ලෙසකින්වත් මැදිහත් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු සියල්ලන්ටම එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Rate this item
(3 votes)