May 19, 2024

විමල්ට එරෙහිවූ ප්‍රසන්න, විමල් එක්ක අලුත් වැඩක (PHOTOS)

February 12, 2021

"Be Sri Lankan Buy Sri Lankan" ප්‍රදර්ශණය විවෘත කිරීම අද (12) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදි සිදු කෙරිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල යටතේ දේශීය නිෂ්පාදන නංවාලීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබේ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ප්‍රදර්ශන හා ජාත්‍යන්තර සමුළු පැවැත්වීම අත්හිටුවා තිබූ අතර එය ආරම්භ කිරීමේ අවස්ථාවක් ලෙස මෙම ප්‍රදර්ශනය සඳහන් කළ හැකිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතායි.

විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගියදා පුවත්පතකට කළ ප්‍රකාශයක් නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් දැඩි විවේචන එල්ල වූ අතර ඒ අතර සිටි ප්‍රධාන ඇමැතිවරයෙකු වූයේ ප්‍රසන්න රණතුංග මහතායි.

පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විමල් වීරවංශ අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කළ බව වාර්තා විය.

May be an image of one or more people, people standing and indoor

May be an image of 3 people, people standing and indoor

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2021 16:07