May 14, 2024

විමල්ගේ නිවසේ සාකච්ඡාව අරඹයි! කෙලෙහිගුණ නොදත් අය ගැන තීන්දුවකට සූදානම්ලු

February 11, 2021
අමාත්‍ය විමල් විරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසේ විශේෂ රැස්වීමක් සඳහා වත්මන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 12ක නායකයින් මේ වන විට එහි පැමිණ විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බව වාර්තා වේ.

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන පක්ෂ 12ක නියෝජිතයින් එලෙස අමාත්‍ය විමල් විරවංශ මහතාගේ නිවසට පැමිණ සිටින බව වාර්තා වේ.

සාකච්ජාවට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කලේ 2015 මැතිවරණ පරාජයෙන් පසු යලි බලය ලබා ගන්නා තෙක් සෑම සතියේ දිනකම පක්ෂ නායකයින් රැස්වී සාකච්ජා කලත් අද වන විට එම සාකච්ජා නතර වී ඇති බැවින් වත්මන් දේශපාලන තත්ත්වය ගැන විග්‍රහ කිරීම සඳහා මෙම සාකච්ජාව කැඳවා ඇති බවයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට අමාත්‍ය විමල් විරවංශ බොහෝ වෙහෙස මහන්සිවූ බවත් යම් අයෙකු එය එසේ නොවේ බව පවසනවා නම් එය කෙලෙහිගුණ නොදත් කමක් සේ දකින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එලෙස කෙලෙහි ගුණ නොදත් අයට ඒ ගැන කියා දිමට රටේ ගරුතර සංඝරත්නයම ඉදිරියට පැමිණීම ගැන උන්වහන්සේලාට සිරස නමා ආචාර කරන බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මෙම සාකච්ජාවට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදේශීයව නැගී සිටින විරෝධතාකරුවන් ගෙන් ආණ්ඩුව බේරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

Rate this item
(2 votes)