April 26, 2024

කට්ටිය එක මිටට විමල්ට නෙලද්දී සගයා උදය කට වහගෙනම සිටී

February 10, 2021

ඊයේ (9) පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අති බහුතරයකගේ විවේචනයට ලක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයාව ආරක්ෂා කිරීම ඔහුගේ කිට්ටුම දේශපාලන සඟයා වන උදය ගම්මන්පිල අමාත්‍යවරයා මග හැර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ මැතිවරණයට පෙර ආණ්ඩුව වැරදි මග ගමන් කරන්නේ නම් ආණ්ඩුව තුළ සිටම විපක්ෂයේ කාර්යභාරය කිරීම සඳහා පොරොන්දු හා තීන්දුව නමින් ගිවිසුමකට ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතාත් පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් නායක උදය ගම්මන්පිල මහතා අතර ගිවිසුමක් ද අත්සන් කරන ලදී.

එහෙත් ඊයේ (9) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දිගින් දිගටම විමල් වීරවංශ මහතාට එරෙහිව ප්‍රහාර එල්ල වෙද්දී ගම්මන්පිල අමාත්‍යවරයා නිහඬවම සිට ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඔහු එහිදී කර තිබෙන එකම සඳහන වන්නේ මෙම රැස්වීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාට සහභාගි වීමට නොහැකි වූ හේතුව වන අධිකරණ කටයුත්තකට සහභාගි වීමට තිබීම පමණක් සභාවට දැනුම් දීමය.

නිමල් ලන්සා, ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් ඇතුළු පොදු ජන පෙරමුණේ සාමාජිකයින් විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව බරපතළ චෝදනා නගද්දී ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වී ඇත්තේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පමණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2021 17:01