May 18, 2024

ආණ්ඩුව ඇතුළේ වෙනම කල්ලියක්! ප්‍රබල ඇමැතිට ඉහළ තැනකින් නියෝගයක්

February 07, 2021

ආණ්ඩුව ඇතුළේ වෙනත් කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇතැයි ආණ්ඩුව තුළ සැකයක් මතුව තිබේ.

ඒ අනුව එලෙස වෙන වෙන කණ්ඩායම් ඇති කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ආණ්ඩු පක්ෂයේ ඉහළම තැනකින් දැනුම්දීමක් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී එම ක්‍රියාදාමයට එරෙහිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක ප්‍රධානීන් එක්කොට වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරීම මේ සඳහා හේතුවී ඇති බව වාර්තා වේ.

තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුව සෑම විටම එක ආණ්ඩුවක්, එක කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවත්, එම ආණ්ඩුව ඇතුළේ කල්ලි, කණ්ඩායම් නිර්මාණය කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එහිදී දැනුම්දීමට නියමිත බවද දැනගන්නට ඇත.

Rate this item
(2 votes)